Noize News 

බස්නාහිර පළාත හුදකලා කරන්න

එළඹෙන උත්සව සමයේදී කොරෝනා පැතිරීම වේගවත් විය හැකි බැවින් ජනවාරි 1 වැනිදා දක්වා බස්නාහිර පළාත හුදෙකලා කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට කොළඹ නගර සභා බලප්‍රදේශය තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරෙන බව පවසන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ නත්තල් දිනය සහ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව කොළඹ සිටින පිරිස් සෙසු දිස්ත්‍රික්ක කරා යා හැකි බැවින්, කොරෝනා වෛරසය තවදුරටත් පුළුල්ව ව්‍යාප්තවිය හැකි බවයි. එම නිසා සෙසු දිස්ත්‍රික්ක සඳහාද මෙම කාලසීමාවේදී සංචරණ සීමා පනවන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

මේ වනවිට කොළඹ දිස්ත්‍රීක්කයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (21) දිනය වනවිට 16,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Related posts

Leave a Comment