එක්සත් රාජධානියේ ගුවන් යානා හෙට සිට මෙරටට ගොඩ බෑම තහනම්
එක්සත් රාජධානියේ ගුවන් ගමන් හෙට (23) සිට ශ්රී ලංකාවට ගොඩබෑමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව හෙට අළුයම 02.00 සිට එක්සත් රාජධානියේ සිට ගුවන් ගමන් සඳහා ශ්රී ලංකාවට ඇතුළුවීමට අවසර නොදේ.
එක්සත් රාජධානියේ සහ යුරෝපයේ COVID-19 නව ප්රභේදයක් මතුවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
අනෙකුත් රටවලට සෙනසුරාදා (26) සිට ශ්රී ලංකාව සංචාරක කටයුතු සඳහා ගුවන් තොටුපල නැවත විවෘත කිරීමට සූදානම් වේ.