Noize News 

විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ට නැවත මෙරටට පැමිණීමට අවස්ථාව

විදේශයන්හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ අවසරයක් ලබා නොගෙන දෙසැම්බර් 26 සිට නැවත මෙරටට පැමිණීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (සීඒඑස්එල්) සභාපති උපුල් ධර්මදාස පැවසීය.

එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි වන ලෙස උපදෙස් දී තිබේ. කෙසේ වෙතත්, මෙම අවස්ථාව උපයෝගී කර ගනිමින් ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින් PCR පරීක්ෂණවලට භාජනය විය යුතු බව ඔහු පැවසීය.

“දිනකට PCR පරීක්ෂණ 3,500 ක් පමණ සිදුකිරීමේ පහසුකම ගුවන් තොටුපලේ ඇත.” එබැවින් රටට පැමිණෙන ලංකා වැසියන්ගේ සංඛ්‍යාව දිනකට උපරිම 3,500 කට සීමා වේ ”යැයි ධර්මදාස මහතා පැවසීය.

Related posts

Leave a Comment