Noize News 

කොරෝනා මර්දන ස්පුට්නික් – වී එන්නත පෙබරවාරියේ ලංකාවට

කොරෝනා මර්දන ස්පුට්නික් – වී එන්නත ශී‍්‍ර ලංකාවේ රජයට පමණක් ලබා දීමටත් කිසිදු ලෙසකින් පෞද්ගලික අංශයට ලබා නොදීමටත් රුසියානු රජය තීරණය කර ඇත. මෙය ශී‍්‍ර ලංකාවේ රජයට ලබා දෙන්නේ ඩොලර් 9 ක් වැනි අඩු මුදලකට බව රුසියානු තානාපති කාර්යාල ආරංචි මාර්ග පැවසීය.
 
 ස්පුට්නික් එනන්ත වසර දෙකක් යනතුරු සිරුර තුළ කි‍්‍රයාත්මක වේ. එමෙන්ම මෙම එන්නත පෙබරවාරි මස වන විට ශී‍්‍ර ලංකාවට ලබාගත හැකි බව වාර්තා වෙයි.
 
 
එම එන්නත ලබා ගැනීමේ කටයුතු මේ වන විට මොස්කව් නුවර ශී‍්‍ර ලංකා තානාපතිවරයා විසින් සිදුකරන බව ද එම ආරංචිමාර්ග පළ කරයි.

Related posts

Leave a Comment