Noize News 

‘අපේ කතෝලික ජනතාව ඉතාම දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත්තා’ – අගමැති

අපේ රටේ කතෝලික ජනතාව ඉතාම  දුෂ්කර අවස්ථාවල මනුෂ්‍යයා කෙරෙහි දක්වන ප්‍රේමයේ පණිවිඩය රැකගත් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) කුරුණෑගල රදගුරු පදවිය මුල් කරගෙන, ශුද්ධ වූ ෆාතිමා දේවමාතා දේවස්ථානයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවය අමතමින් පෙන්වා දුන්නේය. 

භක්තියේ ප්‍රේමයේ විශ්වාසයේ හැඟීම රටට වැදගත් වන්නේ මෙවන් දුෂ්කර කාල වකවානු වල බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා, ආගම දහමට අනුව ජීවත් වන සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට රජය පසුබට නොවන බව අවධාරණය කළේය. 

මෙහිදී, සමස්ත ලංකා කතෝලික දහම් පාසල් අතර පැවති චිත්‍ර තරගයෙන් ජයග්‍රහණය කළ දරුවන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යතුමා හා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතින් සිදු විය.

Related posts

Leave a Comment