Noize News 

විලච්චියේ වෙද මහතෙක් තවත් කොරෝනා ඖෂධයක් නිපදවයි – එය සොරකම් කර පැණි දමලා යයි චෝදනා

අනුරාධපුර විලච්චියේ පදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙකු වන රංජිත් ප්‍රේමකුමාර මහතා කොරෝනා වෛරසය සදහා ඖෂධයක් නිෂ්පාදනය කළ බව පවසයි

තමන් මෙම ඖෂධ නිපදවන ලද්දේ කොරෝනා වෛරසය ලංකාවට පැමිණීමට පෙර බවත් එයඉපැරණි පුස්කොළ පොතක තිබූ වට්ටෝරුවක් බවත් ඔහු සඳහන් කරයි.

තමන් මේ බව දැනුම් දුන්නද කිසිවෙකු තමනට ඒ සදහා අවස්ථාව ලබා නොදුන් බවද ඔහු පවසන අතර තමන් විසින් සොයා ගන්නා ලද බෙහෙතට පැණියක් ද එකතු කොට වෙනත් අයෙකු ඉදිරියට ගොස් ඇති බව පෙනෙන්නට ඇතැයි ද ඔහු චෝදනා කරයි.

තම නිවසේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසීය

Related posts

Leave a Comment