Noize News 

ජනාධිපති මාලදිවයිනේ වළලන්න හදනවා – අගැමති කොන්ක්‍රීට් වලවල් හොයනවා – අපි මිහිදන් වෙන්නේ මේ රටේම තමයි!

මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු මාලදිවයිනට අයත් දූපතක මිහිදන් කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බවත්, මෙරටදීම කොන්ක්‍රීට් වලක මිහිදන් කිරීමට අගමැතිවරයා කරුණු සොයා බලමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

මේ හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් එකිනෙකා එක් එක් ස්ථාවර සිටිමින් කටයුතු කරන බව හෙතෙම පෙන්වා දෙයි.

මේ වනවිට වෛද්‍යවරුන්, වෛද්‍ය විශේෂඥයන් ඇතුළු පුද්ගලයන් රැසක්, කොවිඩ් වෛසරය ආසාදනය වී මියයන පුද්ගලයන් භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව පෙන්වා දී ඇතත් මුස්ලිම් ජනතාවට තවමත් සාධාරණ පිළිතුරක් ලබාදීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට අද නිශ්චිත විසඳුමකට හෝ එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති බවත් එසේ තිබියදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා මුස්ලිම් මළසිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බවට වෙනත් රටවල උදාහරණද සහිතව පෙන්වා දී ඇති බවත් මුජිබර් රහුමාන් සඳහන්කරයි.

මෙරටදීම අවසන් ගමන් යෑම මුස්ලිම් ජාතිකයන්ගේ බලාපොරොත්තුව වන බවත් ඒ සඳහා මුස්ලිම් ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

Related posts

Leave a Comment