Noize News 

”උඹළා මේක ඕපන් කරනවනම් ඉස්සෙල්ලම මගේ බෙල්ල කපලා ඕපන් කරපල්ලා” – මර්වින් සිල්වා අනතුරු අඟවයි

මෙරට ඉදිවන ආසියාවේ විශාලතම මාංශ කර්මාන්තශාලාව පිළිබඳව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය අප්‍රසාදය පල කර සිටියහ.

එහිදී ඒ මහතා ප්‍රකාශ කර සිටියේ බුදුන් වැඩි බිමේ මෙවැනි දෙයක් සිදු වීමට නුසුදුසු බවත් සිය විරෝධය නොසලකා කර්මාන්තශාලාව විවෘත කරන්නේ නම් එහි බිලි වන පළමු සත්ත්වයා වෙනුවට තමන්ගේ ගෙළ සිඳ ගැනීමට තමන් ඉදිරිපත්වන බවත් ය.

මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරමින් එතුමා කියා සිටියේ ලෝකෙටම මස් සපයන්න ඉදිවන මේ මහ පොළව නුහුලන අපරාධය කරන්නට ඉඩ නොදෙන ලෙසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මර්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය..

” ඕපනින් එක දවසට සතෙක් වෙනුවට මම ලැස්තියි මගේ බෙල්ල දෙන්න.. උඹළා මේක ඕපන් කරනවනම් ඉස්සෙල්ලම මගේ බෙල්ල කපලා මේක ඕපන් කරපල්ලා.. ඒක මට ආශිර්වාදයක් කියලා මම විශ්වාස කරනවා. මේ භයානක රෝගයෙන් මේ රට බේර ගන්නනම් මේ පව් වලින් මේ රට බේර ගන්න ඕන ”

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18 ) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

Leave a Comment