හිර ගෙවල් 7ක ගියත් ඉරාජ්ට දුටු තැන පහර දෙන්න – අසේල සම්පත් කියයි
නයි මල්ලිගේ නයි නැටවීම හේතුවෙන් කැලණි විහාරස්ථානය වැඳපුදාගත් බැතිමතුන් කළුතර බෝධිය වන්දනාමාන කිරීමට පෙළඹී ඇති බවත් එයට වගකිව යුතු පුද්ගලයා ඉරාජ් වීරරත්න බවත් මහජන අයිතීන් සුරැකීමේ පදනමේ සාමාජික අසේල සම්පත් පවසයි .
පබ්ලිසිටි පිළිබඳව මහා දැනුමක් ඇති ගවුම් ඇදගෙන නටන ඉරාජ් වීරරත්න හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෞද්ධ ශාසනය සහ අපේ හෙළ සිරිත් විරිත් විනාස කරන තත්ත්වයට පත්ව ඇති බවත් ඒ පිළිබඳව මෙරට ජනතාව අවදි කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි .
නොඑසේ නම් හිරගෙවල් හතක ගියත් ඉරාජ්ට දුටු තැන පහර දිය යුතු බව අසේල සම්පත් අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.