හිටපු මැකෝ රුපියල් මිලියන 4234ක් ඉතුරු කරලා ගිහින්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඉකුත් වසරේ (2019) පැවැති ජනාධිපතිවරණය සඳහා රුපියල් මිලියන 7000ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබුණද එය රුපියල් මිලියන හාරදහස් පන්සිය හැට හයක් (4566) දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මැතිවරණ කොමිෂන් සභාවට පත් කරන ලද නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඊයේ (17 වැනිදා) රැස් වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.

එම කොමිෂන් සභාවේ නව සභාපති අධිනීතිඥ නිමල් ජී. පුංචිහේවාගේ සහභාගිත්වයෙන් කොමිෂන් සභාව එසේ රැස් විය.

පළාත් පාලන ආයතනවල සභික ධුර පුරප්පාඩු පිරවීම සම්බන්ධව පනතේ පවතින අවහිරතා ඇතුළු වෙනත් නීතිමය ගැටලු සම්පූර්ණ කිරීම සඳහා නොපමාව පියවර ගන්නා ලෙස පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට දැනුම් දීමටද මෙහි දී මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචරණ සීමා පනවා තිබූ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල 2020 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ දී නාම ලේඛනයෙන් ඉවත් කිරීමට යෝජිත නම් ඇතුළත් ආකෘතිය සහ අලුතින් ඇතුළත් කිරීමට යෝජිත නම් ඇතුළත් ආකෘතියේ ලැයිස්තු ප්‍රදර්ශනය කිරීම මෙමස 23 වැනිදාට නියමිතව තිබුණද එය ලබන වසරේ (2021) ජනවාරි මස 05 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇත.

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *