අද සිට බස්නාහිරින් පිටව යන අයට ඇන්ටිජන් පරීක්ෂණ
අද (18දා) සිට බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් සඳහා ස්ථාන 3කදී අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා(රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ) සිදුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒඅනුව නිට්ටඹුව,කොස්ගම හා කටුනායක යන ප්‍රදේශවලදී මෙම පරීක්ෂාවන් සිදුකරනු ලැබේ.
ඉදිරි දින කිහිපයේදී බස්නාහිර පළාතේ සිට අනෙක් ප්‍රදේශවලට නොයන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි