Noize News 

වෙන් නොවුණු රටක් ගොඩ නැගීම එකම ප්‍රාර්ථනයයි – සජිත් ප්‍රේමදාස

බුද්ධිය, දැණුම, තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යාම තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසූවේ ඉකුත් 15 වැනිදා පස්වරුවේ කොළඹ ධර්මායතනය වෙත ගොස් ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදීය.

සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා උන් වහන්සේට සිහිපත් කළ අතර ඒ ස`දහා උන් වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.

යහපත් කටයුතු වෙනුවෙන් නොපැකිලව තම ආශිර්වාදය හිමිවන බව එහිදී ඇල්ලේ ගුණවංශ නාහිමිපාණන් වහන්සේ පැවසූ අතර සුචරිත ව්‍යාපාරය පිළිබඳ සිය ප‍්‍රසාදය ද පල කළේය.

හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා පිළිබඳ සිහිපත් කළ උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එතුමා ජනතාවාදී නායකයෙක් බවය.

ජාතිවාදය තමන්ද පිටුදකින බව පැවසූ නාහිමිපාණන්වහන්සේ මේ රටේ සියලූ‍ ජනයා සාමයෙන් හා සංහිදියාවෙන් ජීවත් විය යුතු බවද කීවේය.

දේශපාලනීකරණය නොවූ බුද්ධි මණ්ඩලයක උපදෙස් සහ සම්පත් දායකත්වය තුළින් රටේ ඉදිරි ගමන වෙනුවෙන් අවශ්‍ය උපදෙස් තමාට ලැබෙන බවත් විශේෂයෙන්ම රටට උවදුරක් එන්නට පෙර ඒ පිළිබඳ දැනුවත්වීම සහ දැනුවත් කිරීම සදහා ඔවුන්ගේ දායකත්වය ඉවහල් වූ බවත් මෙහිදී විපක්ෂ නායකයා සිහිපත් කළේය.

කොරෝනා ව්‍යසනය ගැන විපක්ෂය ලෙස තමා මුලින්ම රටට කියන විට බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දැනුවත්ව නොසිටි බවද හෙතෙම පැවසීය. අද මුලූ‍ ලෝකයම කොරෝනා එන්නත ගැන විමසිලිමත් නමුත් අපේ රටේ තත්ත්වය කනගාටුදායක බවද ඒ මහතා පැවසීය.

ජාති,ආගම් වැනි පටු භේදවලින් මිදී එකම රටක එකට සහෝදරත්වයෙන් ජීවත්වීම සිය දේශපාලන බලවේගයේ ප‍්‍රාර්ථනාව බව පැවසූ විපක්ෂ නායකයා තවදුරටත් බෙදී වෙන් වීමෙන් රටට උදාවන යහපතක් නැතැයිද කීවේය.

බුද්ධිය,දැණුම,තොරතුරු සහ නව තාක්ෂණය පදනම් කරගත් ගමනක් යා යුතු බව තමාගේ මෙන්ම සමගි ජනබලවේගයේ ස්ථාවරය බවත්, ඒ උදෙසා මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකයා තවදුරටත් පැවසීය.

Related posts

Leave a Comment