ධම්මික පැණි නාටකය – චරිතය Over Acting ගිය අවස්ථාවක්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මං හිතන්නෙ ටෙලිනාට්‍ය, චිත්‍රපට බලන සමහර ප්‍රේක්ෂකයින්ට Note වෙලා ඇති සමහර අධ්‍යක්ෂකවරු සමහර නිෂ්පාදකයෝ නිර්මාණයක් කරනකොට ඒ හැම නිර්මාණයකයම බොහෝ විට ඉන්නෙ එකම නළු නිළි සෙට් එක.

මේක Note වෙලා නැත්තන් තව සරලම උදාහරණක් තමයි අර අඬලා වැළපෙන Music Video. සමහර ගායකයින්ගෙ සින්දු වල හැමදාම ඉන්නෙ එකම Set එකක්.මේකට විවිධ හේතු තියෙන්න පුළුවන්.සමහරවිට ඒ නළු නිළියො එක්කෙ අධ්‍යක්ෂකවරයාට හිතවත්කමක් තියෙන්න පුළුවන්. සමහරවිට ඔවුන් එක්ක වැඩ කරන්න ඔහුට ලේසි වෙන්න පුළුවන්.කොහොමහරි මේක හරියට නිරීක්ෂණය කරොත් රඟපාන නළු නිළියො ටික දැක්කම ඒ නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙ කවුද නිෂ්පාදනය කරන්නෙ කවුද කියලා කියන්න පුළුවන්.

පහුගිය ටිකේ එහෙම නටපු නාට්ටිය තමයි ධම්මික පැණි නාට්ටිය.කෙනෙක්ට හිතන්නෙ පුළුවන් කොවිඩ් වලට දේශීය බෙහෙතක් හොයාගත්තා වගේ එකක් නාට්ටියක් වෙන්නෙ කොහොමද කියලා.මේවා තනියෙන් කරුණු ගළපලා තේරුම් ගන්න බැරි නම් ඕන නම් ඒකට හේතුවත් කියන්නම්.

හේතුව තමයි ලෝකයේ කොවිඩ් වලට හොයාගනිමින් ඉන්න එන්නත්, බෙහෙත් සැලකිය යුතු කාලයකට අපිට එනවා කියල පේන්නෙ නැහැ.එහෙම කියලා බැටළු ගාලක ඉන්න බැටළුවො ටික වගේ ඉන්න මිනිස්සු නිකන්ම නිකන් තියන්න බෑ. මොකද උන් බය වෙලා ඉන්නෙ. බලාපොරොත්තු කඩවෙලා ඉන්නෙ. දවසට 700ක් 800ක් ලෙඩ්ඩු හම්බෙනවා. දිනපතා එක්කෙනෙක් දෙන්නෙක් හරි මැරෙනවා. මේක මේ විදියට ගියොත් සහ අනිත් රටවල් බෙහෙත ගෙන්නගන්න වැඩ කරද්දි අපි නිකන්ම නිකන් උඩ බලන් ඉන්නකොට කොයි වෙලාවක හරි යම් විරෝධයක් පුපුරන්න පුළුවන්.

මොන දේශපාලන මත තිබ්බත් තමන්ගෙ ආච්චි කෙනෙක් සීය කෙනෙක් අම්මා තාත්තා හදිසියෙ කොවිඩ් හැදිලා මැරුණොත් ඒ ආවේග විවිධ විදියට පිටවෙන්න බැරි නැහැනෙ.ඉතින් මේකට මොකද කරන්නෙ. කොවිඩ් සනීප වුණත් නැතත් මේ මානසික අර්බුදයට බෙහෙතක් ඕන. අපි අනාරක්ෂිත නැහැ කියලා මානසික උත්තේජනයක් දෙන්න ඕන. අන්න ඒ මානසික උත්තේජනය තමයි ධම්මික පැණිය.

හැබැයි හිතපු නැති විදියට ඊයෙ වැඩේ ගැස්සුනා. ඇයි ඒ..?ප්‍රධාන නළුවට තමන්ගෙ චරිතය Over Acting පාරක් දාන්න ගිහින් ඉන්න තැන අමතක වෙලා අපේ මහා සංඝරත්නයට සද්දයක් දාන්න ආපු නිසා ස්වාමීන් වහන්සේලා ගැන කැක්කුමක් තියෙන මිනිස්සුන්ට තව දුරටත් ධම්මික පැණියා වෙනුවෙන් පෙනී ඉන්න පුළුවන් කමක් නැහැ.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා සාමාන්‍යයෙන් හොඳ තිර පිටපත් රචකයෙක්ට මේ වගේ අර්බුද‍යක් වුණත් කළමණාකරණය කරගන්න බැරි නැහැ.දැන් කරන්න තියෙන්නෙ හාමුදුරුවන්ට බනින වෙලාවෙ ධම්මිකට කාලි මෑණියෝ ආරූඪ වෙලා තිබුණෙ. ශ්‍රී මහා බෝධියට පැණිය පූජා කරන්න දීපු නැති නිසා කෝප වුණ කාලි මෑණියෝ ධමිමිකගෙ ඇගට වැහිලා හාමුදුරුවන්ට තමන් කවුද කියලා මතක් කරා වගේ Plot එකකට යන එක.

එහෙම වුණොත් නාට්ටියෙ ප්‍රේක්ෂක ආකර්ෂණයට සිද්ධ වුණ හානිය අඩු කරගන්න බැරි වෙන එකක් නෑ. මොකද මේ කියපු විදියට කිව්වොත් ඒකත් පිළිගන්න උන් තමයි මේ රටේ ඉන්නෙ.

උපුටා ගැනීමකි

+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *