කොවිඩ් ආසාදිත මවට සිව් නිවුන් දරු උපතක්
කොරෝනා ආසාදනය වූ ගැබිණි මවක් විසින් කොළඹ ද සොයිසා රෝහලේදී සිව් නිවුන් දරු උපතක් සිදුකර ඇති බව ද සොයිසා මාතෘ රෝහලේ අධ්යක්ෂිකා සාගරිකා කිරිවන්දෙණිය මහත්මිය ප්රකාශ කළාය. සිසේරියන් සැත්කමකින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇත.
මේ වන විට මව සහ දරුවන් සුවයෙන් පසුවන බව රෝහල් අධ්යක්ෂිකාව සඳහන් කළාය. කොවිඩ් ආසාදිත මෙම මව 29 හැවිරිදි වියේ පසුවන අතර ඇය මරදාන, කුප්පියාවත්ත ප්රදේශයේ පදිංචිකාරියකි මිට පෙර අවස්ථා දෙකක දී මෙරටින් කොවිඩ් ආසාදිත මව්වරුන් දෙදෙනෙකුට නිවුන් දරු උපත් සිදුවූ බවට වාර්තා විය. මෙය කොවිඩ් ආසාදිත මවකට දාව ලොව සිදුවූ පළමු සිව් නිවුන් දරු උපත බවට සැලකිය හැකිය.