Noize News 

මුස්ලිම් කතට කොරෝනා යැයි හෙලිකළ නිසා , මරණ පරීක්ෂකට මරණීය තර්ජන එල්ල කරලා – ඇත්තම කතාව මෙන්න

මග්ගොන ප්‍රදේශයේ මියගිය අසූ හැවිරිදි මුස්ලිම් කාන්තාවකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව අන්තවාදී යැයි කියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනකු මග්ගොන ප්‍රදේශය භාර හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් නෆීර් මොහොමඩ් නස්රිට මරණ තර්ජන එල්ල කර ඇතැයි යනුවෙන් පලවී ඇති ප්‍රෘවෘත්තිය පිළිබඳව ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයාගෙන් මාධ්‍ය මඟින් විමසීමක් කර තිබේ . එඑහිදී දී අනාවරනය වූයේ පීසීආර් පරීක්ෂණයකින් තොරව මළසිරුර නිදහස් නොකළ නිසා ඔහුට මෙම මරණ තර්ජන එල්ල වී ඇතැයි යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අදාල මරණ පරීක්ෂකවරයා නියමිත පරිදි නියමිත වේලාවට අදාල පරීක්ෂණ කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මිය ගිය අයගේ ඥාති පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවය නිසා මෙලෙස යම් සිදු වීමක් සිදු වී ඇති ද යන්න පිළිබඳව ද  විමර්ශනය කෙරෙන බවයි . 

මෙනිසා ස්තිර වශයෙන් ම කොරෝනා ආසාදනය වී යැයි හෙලි කල නිසා මරණ තර්ජනය කලා යැයි පැවසිය නොහැකි බැව් ද ප්‍රකාශ කර සිටියා 

Related posts

Leave a Comment