Noize News 

සමහරු කොරෝනාවලට ” එන්ජින් ඔයිල් ” බොන්න සූදානම් – රනිල් කිව්ව කතාව

කොරෝනා සඳහා තහවුරු නොකළ ඖෂධ පිළිබඳව රජයේ මැති ඇමතිවරුන් මත පල කිරීම නෙකල යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒවා පාවිච්චි කළ යුතුව ඇත්තේ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව බවත් එසේ නොමැතිව ” එන්ජින් ඔයිල් ” බොන්නට යෑමෙන් අවසානයේ සිදුවිය හැකි දේ සිතා ගන්නට බැරි බව එතුමා පවසනවා.

වරක් වද “කහ සුදිය “සිද්ධිය මතකයට එන බව ඔහු මතක් කර සිටියා . ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු මර්ධන මධ්‍යස්ථානය සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය කොරෝනා සදහා බෙහෙතක් නිෂ්පාදනය කිරීමට එක්ව කටයුතු කරන අතර ඊට සහාය දැක්වීමට ආණ්ඩුව ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබගදවත් ඔහු විමසා සිටියා.

බියගම ප්‍රදේශයේ පැවති මුල් ගල් තැබීමේ උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය

Related posts

Leave a Comment