Noize News 

වෙළෙඳ ඇමති ලස්සන වචනවලින් රටම නොමග යවනවා – සජිත්

”‍මහර බන්ධනාගාරයේ සිදුවූ ඛේදවාචකය වළක්වා ගන්නට නොහැකි වූයේ කොවිඞ් 19 රෙගුලාසි නීතිරීති සම්පූර්ණයෙන් උල්ලංඝණය කරලා නිලධාරීන් වෙනමම කොවිඞ් පොකුරක් මහර බන්ධනාගාරය තුළ නිර්මාණය කළ නිසා යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් 11 දා පෙරවරුවේ කඩුවෙල කොතලාවල සංඛපිට්ඨි විහාරාධිපති කඳුබොඩ අමරඤාණ හිමිපාණන්ගේ 101 වැනි ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට දීර්ඝායුෂ පැතීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වෙමිනි.

මෙම අවස්ථාවට තක්ෂිලා පරිවෙනාධිපති කනංගම නාරද ස්වාමීන් වහන්සේද එක්ව සිටියහ. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා මෙසේද පැවසීය.

මේ වනවිට මහර සිද්ධිය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. අවසාන වාර්තාව සැකසෙමින් තියෙනවා. කමිටු සාමාජිකයන් හැමෝම නෙවෙයි එක්කෙනෙක් මාධ්‍යට ඇවිත් අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට සභාගත කරන්න කලින් තමන්ගෙ අදහස් කියනවා. මේ මොහොතේ පරීක්ෂණ කණ්ඩායමේ කාටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ තමන් කරන පරීක්ෂණය ගැන එහෙම අදහස් මාධ්‍යට කියන්න. නමුත් ඒ වරද වෙලා තිබෙනවා.

මම හිතන්නේ අපේ රටට ලැබුණ දුර්වලම වෙළෙඳ ඇමැති වරයා තමයි වත්මන් වෙළෙඳ ඇමති. එතුමා ලස්සන වචනවලින් මුලූ‍ රටම නොමග යවනවා.

කොච්චර චක‍්‍රලේඛ ගැහුවත් බඩු මිල එන්න එන්නම වැඩියි. ඇමතිගෙ නියෝග ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ. මිල පාලනය වෙන්නේ පහළට නෙවෙයි ඉහළට. රටේ තියෙන්නේ ඉතාම දුර්වල පාලනයක්.

කොරෝනා වසංගතය ඉතා බරපතලයි. අපි ඒක හෑල්ලූ‍වට ගන්නේ නෑ. නමුත් රජයට ක‍්‍රමවේදයක් නෑ. PCR අවම කරනකොට අඩුවෙන් ප‍්‍රතිඵල ලැබෙන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුලූ‍වන් දැන් කොරෝනා ඉවරයි කියලා. නමුත් ඇත්ත තත්ත්වේ එහෙම නෙවෙයි. රජය දැන් කරන්න ඕනෑ එන්නත් සඳහා ගබඩා පහසුකම් හදන එක. නමුත් තාම එහෙම වැඩපිළිවෙලක් නෑ.

රජය කොරෝනා වසංගතය දේශපාලන පා පන්දුවක් කරගෙන. මේ වසංගතය පාලනය කරන කොට සියලූ‍ දේශපාලන කතා ඉවත් වන්නට ඕනෑ. දේශපාලනය න්‍යාය පත‍්‍රයන් ඉවත් කරන්නට ඕනෑ. නමුත් රජය කළේ මොකක්ද එළියට එන ප‍්‍රතිපල ප‍්‍රමාණය අඩු කරල ජනතාවට කොරෝනා මර්දනය ගැන තාවකාලික සතුටක් මැව්වා. නමුත් දැන් මුලූ‍ රටම කලකිරිලා ඉන්නේ. සියයට 95 ක් සාර්ථක එන්නත ලබාගැනීමේ ලෝක පෝලිමේ අපි ඉන්නේ අන්තිමට. රජය පාසල් ආරම්භ කලේ විධිමත් ක‍්‍රම වේදයකින් තොරවයි. ඒකෙ ප‍්‍රතිපල තමයි ඇරපු පාසල් නැවත වහන්න වුනු එක. අපේ දරුවන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න දෙන්නත් බැහැ.

ඒත් දරුවො කොරෝනාවට බිලි දෙන්නත් බැහැ. බොහෝ පාසල් වල සෞඛ්‍ය වැඩපිළිවෙලක් හැදුවෙ දෙමව්පියන් එකතුවෙලා. එහෙම නෙවෙයි රජය ඒ පහසුකම් දෙන්න මැදිහත් විය යුතුයි.

මෙම අවස්ථාවට කඩුවෙල මහ නගර සභාවේ විපක්ෂ නායක පේ‍්‍රම රංජිත්, හිටපු විපක්ෂ නායක ප‍්‍රියන්ත පත්බේරිය, නාගරික මන්ත‍්‍රීවරුන් වන චන්ද්‍රසේන පලිහේන, බෝසෙත් කළහේපතිරණ ,විචිත‍්‍ර විජේතුංග, අනිල් නිහාල්, රවි පෙරේරා යන මහත්වරුද ,කඩුවෙල කොට්ඨාසයේ සමගි ජන බලවේගය සංවිධායක ජයන්ත ජීවන්දර දායක සභාව වෙනුවෙන් කසුන් ගුණවර්ධන, ෂෙල්ටන් කටුගම්පල යන අය ඇතුලූ‍ පිරිසක් නිරෝධායන නීති මත එක්ව සිටි අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ මෑණියන්ට සුබපැතුම් එක්කිරීමට එම නිවසට ද පැමිණියේය.

Related posts

Leave a Comment