Noize News 

මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට අපි නාමයෝජනා දෙන්න‍ේ නෑ – ලක්‍ෂමන් කිරිඇල්ල

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජනබලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් මැතිවරණයෙන් පසු එකතු වී වැඩ කළ හැකි බවත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල පවසයි.
 
 සමගි ජනබලවේගය යටතේ නාමයෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පාවාදීමක් කළ බවත්, වෙනත් පක්ෂයක නියෝජිතයින් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලූ තිබෙන බවත් ඔහු පවසයි.
 
 විසිවන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට රවුෆ් හකීම් හා රිෂාඞ් බදුර්දීන් මහත්වරුන් ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පාවාදීම් කළ මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැතැයි හෙතෙම අවධාරණය කළේය.
 
 තම පක්ෂය සමඟ දුකේදීත් සැපේදීත් එකට සිටින මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින් ශක්තිමත් කර තම පක්ෂයේ අපේක්ෂකයින් ලෙස ඔවුන් පමණක් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කබීර්, හලීම්, මුජිබර් හා මරික්කාර් ඊට උදාහරණ බවත් කිරිඇල්ල මහතා කීය.
 
 

Related posts

Leave a Comment