Noize News 

පාතාල නායක ”මන්නා රමේෂ්” අත්අඩංගුවට

” මන්නා රමේෂ්” නැමති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මෙම අපරාධකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩයක්, විදේශීය නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ භාරයට ගෙන ඇත.

මොහුට එරෙහිව මිනිමැරුම්, පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහරදීම් ආදී චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කර ඇත. ඊට අමතරව කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් මැණික් පතල් ලබාගෙන මැණික් ගැරීම් සිදුකරන බවට ද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ඉදිරි නීති ක්‍රියා මාර්ග ගැනීම සඳහා සැකකරු අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇත.

Related posts

Leave a Comment