Noize News 

දේශිය කොරෝනා ඔසුවට විරුද්දව එන්නත් නිපදවන කුමන්ත‍්‍රණයක්- වාසුදේව නානායක්කාර

මෙරට දේශීය ඖෂධය තුළින් කොරෝනා ආසාදිතයන් සුවපත් වුව හොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ලොව අඩු දියුණු රටවල් වලින් මතුවන හැකියාවන් දියුණු රටවල් විසින් අවශෝෂණය කර ගැනීමට හෝ යටපත් කරලීමට උත්සාහ කරන බවත් සාර්ථක දේශීය ඖෂධයක් ශ්‍රී ලංකා වැනි පුංචි රටක සොයාගත හොත් එන්නත් ඇතුළු ඖෂධ නිපදවන රටවලින් තර්ජනයක් එල්ල වීමේ හැකියාව තිබෙන බවත් එනිසා දැඩි අවධානයෙන් සිටිය යුතු බවතච් හෙතෙම පෙන්වා දෙයි.

අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ තොරතුරු නොවන බවද ඇමතිවරයා පැවසීය.ඔහු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

Related posts

Leave a Comment