Noize News 

ජපන් ප්‍රේමය පිහි ඇණුමකින් යළිත් කරළියට

ජපානයේ සිට කෝටිපති ජපන් තරුණියක පැහැරගෙන ආ බවට චෝදනා එල්ල වූ තරුණයාගේ ඥාති සොහොයුරාට කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී කැපුම් තුවාල සිදු කර තිබෙනවා.

ඔහු මෙම පහර කෑමට ලක්ව තිබෙන්නේ ජපන් තරුණියගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්ව ඇප මත සිටින අතරතුරයි.

ශ්‍රී ලංකාවෙන් ජපානයට ගිය 23 හැවිරිදි තරුණයෙකු කෝටිපති පවුලක 15 හැවිරිදි තරුණියක පැහැරගෙන ආ බවට තොරතුරු වාර්තා වුණේ මීට සති කිහිපයකට පෙරයි.

ඇගේ මවද දිවයිනට පැමිණි ජපන් තානාපති කාර්යාලය හරහා මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාදී තිබුණා.

අනතුරුව සිදු කළ පොලිස් පරීක්‍ෂණවල ප්‍රතිපලයක් ලෙස වයිකාල ප්‍රදේශයේදී තරුණ පෙම් යුවල අත්අඩංගුවට ගත්තා.

පසුව එම තරුණයා සමඟ ඔවුන්ට සැගවී සිටීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල මෙම තරුණයාගේ ඥාතීන් කිහිප දෙනෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ අතර පෙම්වතාගේ නැගණියගේ සැමියාද සිටියා.

මේ අතර, ජපන් තරුණිය ගැබිනියක්ව සිටි අතර, ඇය පරිවාස භාරයේ සිටිමින් කරුණු හෙළි කළේ, කොස්තා නැමති පුද්ගලයෙකුගෙන් තමන්ට අතරවර සිදු වූ බවයි.

කොස්තා නැමති එම පුද්ගලයා සිය මව සමඟ ඇසුරක් පවත්වන බවත් ඇය පැවසුවා.

කෙසේවෙතත් අවසානයේ එම මවගේ කැමැත්තද අදාළ ජපන් පෙම්වතියට හා ඇගේ ශ්‍රී ලාංකික පෙම්වතාට හිමිවුණා.

මේ අතරතුරයි ඊයේ දිනයේ ජපන් තරුණියගේ පෙම්වතාගේ ඥාති සොහොයුරා පිහිපහරකට ගොදුරු වී තිබුණේ.

Related posts

Leave a Comment