මහ බැංකු මහ හොරාව කොහොම හරි අල්ලනවා – නාමල් රාජපක්ෂ

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලූ දෙනා අද හෙට ම නීතිය හමුවට ගෙන්වා’’ යැයි ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා මෙරට ජාතික පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
 
 එසේම පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනා ද නීතිය හමුවට රැුගෙන විත් ප‍්‍රහාරය නිසා මියගිය සියලූ දෙනාගේ පවුල් වෙත සාධාරණය ඉටු කරන බව ද ඇමැතිවරයා කීය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ නාමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීය.
 
 එදා පැවැති යහපාලන ආණ්ඩුව පොලිසිය දේශපාලනීකරණය කළා. ඒ තුළින් ජනතාව තුළ පොලිසිය ගැන තිබුණු විශ්වාසය නැති කළා. ඒ ආණ්ඩුව කළේ පළිගැනීම් විතරයි.
 
 මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුවට අමතක වෙලා කියලා හිතන්න එපා. ඒ කොල්ලයට සම්බන්ධ සියලූ දෙනා අද හෙට ම නීතිය හමුවට ගේනවා. රටින් පැනලා ඉන්න ලොකුම හොරාවත් කොහොම හරි අල්ලනවා.
 
 ඒ වගේම පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා අහිංසක මිනිස් ජීවිත විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. එදා යහපාලන ආණ්ඩුව බුද්ධි අංශ අකී‍්‍රය කළේ නැත්නම් පාස්කු ප‍්‍රහාරය වළක්වා ගන්න තිබුණා. කොහොම වුණත් මේ ප‍්‍රහාරයට වගකියන්න ඕන හැම දෙනාම නීතිය ඉස්සහරට ගේනවා.
 
 පසුගිය යහපාලන ආණ්ඩුව අධිකරණය විනාශ කළා. පොලිසිය විනාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *