Noize News 

“අපි රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන එක ගැන ඔවුන් පුදුමයට පත් වෙන්න ඕන” – ඇමති බන්දුල කියයි

කොරෝනා වසංගතය හේතුවෙන් රට මෙතරම් අඩපණ වූ අවස්ථාවකත් රජයේ සේවකයින්ට මේ මොහොතේදීත් ආණ්ඩුව සම්පූර්ණ වැටුපම ගෙවීම ගැන ඔවුන් පුදුම වියයුතු බව වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

රාජ්‍ය සේවකයින්ගෙ පඩිය වැඩිවුණේ නෑ කියලා චෝදනාවක් තියෙනවා …? යනුවෙන් මාධ්‍ය විසින් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙසේය

“මේ වෙලාවේ මේ පඩිය ගෙවන එක ගැනයි පුදුම වෙන්න ඕනෙ. මොකද ලෝකෙ රටවල් වල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත පිරිසකට තමන් කරමින් ඉන්න රස්සාව නැතිවෙලා, ජීවනෝපාය අහිමි වෙලා තියෙන්නෙ. අද පුද්ගලික අංශයේ සේවකයින්ටත් කම්කරු දෙපාර්තමේන්තුවේ හා අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් වැටුපෙන් කොටසක් පමණයි ගෙවන්නෙ. මොකද කර්මාන්ත ශාලා වහලා. 

පිටරට බඩු පැටවීම නතර වෙලා. ඉතිං බොහොම අමාරු අවධියක් තමයි මේ තියෙන්නෙ කොවිඩ් 19 වසංගතය නිසා” 

Related posts

Leave a Comment