කහ කිලෝ 1395 ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝ ග්රෑම් 1395ක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනේ. මාරවිල පොලිසියට ලද තොරතුරක් මත අද(10) අලුයම 04.00ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මාරවිල පොලිස් වසමේ මුදුකටුව වෙරළ තීරයේ දී සිදු කළ වැටලීමේ දී නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන්වන කහ කිලෝ 1395ක් අඩංගු ගෝනි 27ක් සමග පුද්ගලයන් තිදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම කහ තොගය ප්රවාහනය කරන ලද ලොරි රථය සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිඛේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් තොඩුවාව, බරදැල්පොල හා මාදම්පේ ප්රදේශයන්වල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද මාරවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.