ආණ්ඩුව ජාත්‍යාලය ගැන කතා කරනවා , ඇමතිවරු පිස්සු නටනවා- නලින් බණ්ඩාර

පාරිභෝගිකයා ආරක්ෂා කරන මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමේ නෛතික බලයක් පී. බී. ජයසුන්දරට නැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසූවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (09) පැවැති මාධ්‍ය හමුවේ දීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල මහතාට මහජන උපයෝගීතා කොමිසම අහෝසි කරන ලෙස ලිපියකින් දැනුම්වත් කළත් එහි නෛතික බලයක් නැහැ. එම කොමිසමේ විද්වත් මණ්ඩලයක් සිටිනවා. එහි ආචාර්යවරු, මහාචාර්යවරු, ඉංජිනේරු, ගණකාධිකාරිවරයෙක්ද ඇතුළත්. නලින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මේ වෙනවිට එහි නිලධාරීන්ට කොමිසමෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් ලැබෙන බවයි. එසේ කළ හැක්කේ ඔවුන්ට සෞඛ්‍යමය හෝ නීති විරෝධී කටයුත්තක් සිදු වුවහොත් පමණයි.

මේ ආණ්ඩුව යන්නේ වියත් මගේ නොව වෙනත් මගකයි. විවෘත කළ සුළං විදුලි බලාගාරය 2014 මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකින් අනුමත වෙලා. දැන් ඉන්න විදුලි බල ඇමැතිට අයිති එකක් විදියට උජාරුවෙන් කියනවා. එසේනම් මොරගහකන්ද ගැන අවුරුදු 30ක් විතර කථා කළා. එය යථාර්ථයක් වුණේ යහපාලන රජයෙන්. ඒ වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කළේ යූ.එන්.පී ආණ්ඩුවේ හිටපු තිලක් මාරපන මහත්තයා. එහෙනම් අපිම කැබිනට් පත‍්‍රිකාව දාලා අපිම ඉදිකරපු මැනිං වෙළෙඳ පොළ මේ ආණ්ඩුව විවෘත කළා. කොහෙද ස`දහන් කළේ එය යහපාලන රජයෙන් කළ දෙයක් කියලා. මේ රජය දන්නේ අපි කරපුවා විවෘත කරන්න විතරයි. ඒ අය කරපුවා තමයි ගුවන් යානා එන්නේ නැති මත්තල ගුවන්තොටුපල, සම්මන්ත‍්‍රණ තියන්නේ නැති සම්මන්ත‍්‍රණ ශාලා ඉදිකිරීමේ ව්‍යාපෘති. දැන් දැනගන්න ලැබෙනවා අධිවේගී මාර්ගයත් බදු දීමට පිඹුුරුපත් සකස් කරමින් යන බව.

මේ ආණ්ඩුව ජාති ආලය දේශපේ‍්‍රමීත්වය ගැන කතා කළාට ඇමැතිවරු පිස්සු නටනවා,

මැටි ඇමැති හා නාමල් රාජපක්ෂ ඇමැතිවරු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බදු වැඩියි කියලා ඉවත්වෙද්දී අධිකරණ ඇමැති මාසයකට මිලියන 17කට එතනට යනවා. කොළඹ වෙනත් ස්ථාන අඩු මුදලට නැහැ වගෙයි.

මෙහිදී වැලිගම නගර සභාවේ සභාපති රෙහාන් ජයවික‍්‍රමද අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *