Noize News 

අභිරහස් ලෙස දිගින් දිගටම මාධ්‍යවේදීන් මිය යන බවට ජාතික සමගි ජනබලවේගය කළ ප්‍රකාශය ගැන CIDයට පැමිණිල්ලක්

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව “අභිරහස් ලෙස දිගින් දිගටම මාධ්‍යවේදීන් මිය යන බවට ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමග එම  පක්ෂ‍යට සම්බන්ධ රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය සිල්වා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ අසත්‍යය හා ද්වේශසහගත  ප්‍රකශය සම්බන්ධයෙන් විමර්ශණයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව  වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරේ. 

එම පැමිණිල්ල අද(08) ඉදිරිපත් කරන ලද්දේ ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති මාධ්‍යවේදී චන්දන බණ්ඩාර හා එහි ලේකම් තිස්ස ධම්මික යන මහත්වරු විසිනි.  පසුගිය 2020.11.25වන දින ජාතික සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සමඟ එම පක්ෂයට අනුබද්ධ රාජ්‍ය මාධ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රසන්න දේශප්‍රිය සිල්වා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් “වත්මන් රජය හා ජනාධිපතිතුමා පත්වීමෙන් පසුව දිගින් දිගටම අභිරහස් ලෙස මාධ්‍යවේදීන් මිය යන බවට” මාධ්‍යවේදීන් භීතියට පත්කරවන ආකාරයට අසත්‍යය හා ද්වේශසහගත කරුණු කිහිපයක් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම මෙම කරුණ අන්තර්ජාලයේ ද යුටියුබ් හා ෙෆ්ස්බුක් ඔස්සේ හුවමාරුවෙමින් පවතී. එම වීඩියෝව තුළින් මාධ්‍යවේදීන් තුළ මරණ බිය ඇති කරවයි. එවැනි ප්‍රකාශ තුළින් මාධ්‍යවේදීන් තුළ පවතින රජය කෙරෙහි අවිශ්වාසයක් හා නීතියේ සහ ආධිපත්‍ය පිළිබද විශ්වාසයේ බිදී යාමට හේතු විය හැකිය.  මේ හරහා ඉදිරියේ දී මාධ්‍යවේදීන් අභිරහස්ලෙස ඝාතනය කිරීමේ හෝ අතුරුදන් කිරීමේ සැළැස්මක් ජාතික සමගි ජනබලවේගය පක්ෂය විසින් සැළසුම් කර තිඛේද යන්න පිළිබදව සැකයක් මතුවන බව චන්දන බණ්ඩාර මහතා පෙන්වා දෙයි.  එබැවින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපක්ෂපතී පරීක්ෂණයක් සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් සිදු කරමින් මීට අදාළ පැමිණිල්ල ගොනු කර තිඛේ.

Related posts

Leave a Comment