Noize Gossip 

මම මගේ බිරිඳයි,මගේ ළමයි එක්ක ගොඩක් සතුටින් ඉන්නවා – සමිතාගේ සැමියා යළිත් කියූ කතාව

ජනප්‍රිය සහ ප්‍රවීණ ගායිකා සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණීය සැමියා වන චිරන්ත ගුණවර්ධන විසින් කරගෙන යනු ලබන youtube නාලිකාවේ Q&A වැඩසටහනකදී ඔවුන්ගේ ආදරණීය රසිකයන් විසින් අසා තිබූ ප්‍රශ්න කිහිපය චිරන්ත ලබා දුන් පිළිතුරු කිහිපයක් පහතින්

ප්‍රශ්නයක් නැහැ කවුරු මොනවා කිව්වත් මම මගේ බිරිඳයි ළමයි එක්ක ගොඩක් සතුටින් ඉන්නවා කියලා තමයි ඔහු මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පටන් අරගෙන තිබුනේ

දැනට පදිංචිය කොහෙද?

දැනට පදිංචිය නාවල

විවේකයේදි ජීවිතය ගෙවන්න කැමති කොහොමද?

විවේකයේදී මම ජීවිතේ ජීවිතේ ගෙවන්න වැඩියෙන්ම කැමති මගේ ආදරනිය බිරිඳ ආදරණීය ළමයි එක්ක ඒගොල්ලොත් එක්ක ඉද්දි මට කාල යනවා තේරෙන්නෑ ..හරි සුන්දරයි

ආසම ගායකයා ගායිකාව?

ආසම ගායිකාව ඉතින් කොහොමත් සමිතා මුදුන්කොටුව ම තමයි ..ගායකයෙක් කියලා කවුරුත් නැහැ සින්දු අහනව සමස්තයක් විදිහට කැමතිම ඉතින් මගේ ආදරණීය බිරිඳට තමයි

අහන්න ආසම ගීතය කුමක්ද?

අහන්න ආසම ගීතය තමයි මගේ බිරිඳ මට කියපු “මගේ විතරමයි” ඒක අර ලස්සන ගීතයක් කන් දෙකට ඇහෙද්දි හරි මිහිරි

මේ ලෝකෙ ලෝකේ වටිනාම දේවල් තුනක්?

මේ ලෝකෙ මට වටිනම දේවල් තුනයි තියෙන්නේ බිරිඳ මගේ ළම යි මගේ අම්මා තාත්තා වෙන කිසිම දෙයක් මට වටින්නේ නෑ මට ඒ දේවල් තමයි ගොඩක්ම වටින්නේ

Related posts

Leave a Comment