Noize News 

කෝටි 210ක මත්ද්‍රව්‍ය මෙහෙයුම

රුපියල් මිලියන 2100ක වටිනාකමින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයා ගැනීමත් සමග ඉතිහාසයේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය මෙහෙයුම අද දින වාර්තා වී තිබිණි.  

මාස එකහමාරක් තිස්සේ සිදුකළ බුද්ධි අංශ නිරීක්ෂණයකින් අනතුරුව සුරාබදු නිලධාරීන් අද මාරවිල තොඩුවාව ප්‍රදේශයේදී මෙහෙයුම දියත් කළේය. 

නාවික හමුදාවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුතින් පිහිටුවන ලද බුද්ධි ඒකකයේ නිලධාරීන් එම මෙහෙයුමට එක් වී තිබිණි.

මෙම මෙහෙයුමෙන් අලුයම දෙකයි තිහට පමණ ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ වාහන කිහිපයක් ද සමගින් හෝටලයක තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 

සුරාබදු කොමසාරිස් ජනරාල්, ඒ. බෝදරගම පැවසුවේ, “මාස එකහමාරක් තිස්සේ තොඩුවාව ප්‍ර දේශයේ මේ සිද්ධිය අනාවරණ වෙලා තිබුණා. ලේසි වුණේ නැහැ එතන්ට යන්න නමුත් දක්ෂ බුද්ධි අංශ නිලධාරීන් සහ නාවික හමුදාවේ සහාය අපට හිමිවුණා,” යනුවෙනි. 

මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද සුරාබදු දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබීය. 

Related posts

Leave a Comment