Noize News 

භූමදානය ද? ආදාහනය ද? – මහර මරණ අර්බුදයක්

පසුගිය 29 වැනිදා මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් බරපතළ තුවාල ලබා මියගිය රැුඳවියන් 11 දෙනාගේ දේහයන් භූමදානය කිරීමට සෞඛ්‍ය බලධාරීන්් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නීතිමය බාධාවක් පවතින්නේ යැයි රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීහු ඊයේ (04 ) වත්තල මහෙස්ත‍්‍රාත් බුද්ධික ශී‍්‍ර රාගල මහතාට දැනුම් දුන්හ.
 
 එකී රැඳවියන්ගේ දේහයන් ආදාහනය කළහොත් එකී ඝාතනවලට වගකිව යුතු අපරාධකරුවන්ට නීතියේ රැහැනින් මිදී යෑමට ඉඩකඩ ලැබෙන බව පවසමින් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා මහතා ඇතුළු නීතීඥ මණ්ඩලය කළ කරුණු දැක්වීමට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අංශ නිලධාරීහු ඒ බව අධිකරණයට පැවසූහ.
 
 එකී සෞඛ්‍ය මාර්ගෝපදේශ කොරෝනා වසංගතයට ගොදුරු වී මියයන පුද්ගලයන්ගේ ආදාහන කටයුතුවලට ආදේශ කරගත හැකි වුවත් මිනීමැරුම් වැනි අපරාධවලදී එකී මාර්ගෝපදේශ ආදේශ කර ගැනීම අපරාධකරුවන්ට නීතයෙන් ගැලවී යෑමට ඉඩකඩ සැලසීමක් වන්නේ යැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා එහිදී අධිකරණයට පැවසීය.
 
 එකී මෘත දේහයන් පිළිබඳ ගතයුතු නීතිමය පියවර පිළිබඳව විමසීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ (04 දා* අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස පසුගිය 2 වැනිදා මහෙස්ත‍්‍රාත්වරයා විසින් රාගම පොලිසියට නියෝග කර තිබිණි. කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ (04 දා* අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම නඩුව ලබන 11 වැනිදා දක්වා කල්තැබීමට නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා එදිනම නීතිපති දෙපාර්තමේන්තු නිලධාරියකු තම අධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේය.
 
 එකී ගැටුම්කාරී තත්ත්වයෙන් බරපතළ තුවාල ලබා මියගිය රැුඳවියන් 11 දෙනා අතරින් 9 දෙනකුම කොරෝනා ආසාදිතයන් බවට අනාවරණය වී තිබිණි. එකී නවදෙනාගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ හෝ නොපවත්වා ආදාහනය කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් වෑයම් දරන බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු සාධාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දැක්වූහ.
 
 නීතීඥ නාමල් රාජපක්‍ෂ, නීතීඥ අචලා සෙනවිරත්න මෙනවිය සමඟ නීතීඥ සේනක පෙරේරා මහතා සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ සංවිධානය වෙනුවෙන් පෙනීසිටියේය.
 
 ගැටුම්කාරී තත්ත්වයෙන් මියගිය රැුඳවියන් අරින් දෙදෙනකුගේ නම් මේ වනවිට අනාවරණය කරගෙන ඇති බව එහිදී අධිකරණයට පැවසූ රාගම පොලිසිය එම දෙදෙනා සමන්ත කුමාර සුබසිංහ හා අලංකාර දේවගේ අජිත් වන බව ද අධිකරණයට දැනුම් දුන්නේය.
 
 එලෙස මියගිය රැුඳවියන්ගේ මෘත ශරීර මේ වනවිට රාගම ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කොට ඇතැයි ද රාගම පොලිසිය එහිදී අධිකරණයට දැන්වීය.

Related posts

Leave a Comment