”දුමින්ද සිල්වාව නිදහස් කළ යුතුයි – 69 ලක්ෂයක් ඡන්දේ දුන්නේ ඒකට” – ජොන්ස්ටන් ප්‍රනාන්දු
පසු ගිය යහපාලන රජයෙන් අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය කිරීම සඳහා වත්මන් රජයට ජනවරමක් හිමිවී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
69 ලක්ෂයක ජනතාවක් ඡන්දය දුන්නේ ඒ සඳහා බවත් අසාධාරණ ලෙස මරණ දඬුවම නියම කර දැනට සිරගත කර සිටින දුමින්ද සිල්වා නිදහස් කළ යුතු බවත් අමාත්‍ය වරයා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ අවස්ථාවේදීය.