Noize News 

”මෙහෙම ගියොත් අපට බැංකු කඩන්න වෙනවා” – නලින් පෙරේරා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ කලාකරුවන් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී ප්‍රවීන ගායන ශිල්පී නලින් පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ මෙහෙම ගියොත් හෙට දවසේ කලාකරුවන්ට බැංකු කඩන්නට සිද්ධ වෙන බවයි.

එනම් අද වන විට කලාකරුවන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් ඒ ගැන කතා කරන්න කිසිවෙක් නැති බවත් අවංකවම පැවසුවහොත් දැන් ප්‍රශ්නය වී ඇත්තේ කොරෝනා නොව කෑම බීම සොයා ගැනීම බව ද ඔහු සඳහන් කරයි.

නව කොරෝනා සාමාන්‍යකරන තත්ත්වය යටතේ කලා කරුවන්ට තම ආදායම් මාර්ග පවත්වාගෙන යාමට අවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබා දෙන්නැයිද ඔවුන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීමක්ද කර තිබේ.

Related posts

Leave a Comment