Noize News 

බුරවි දිවයිනට එන හැටි – ප්‍රවේසමෙන් කටයුතු කරන්න !

දිවයිනට නැගෙනහිර දෙසින් මේවන විට සක්‍රිය වෙමින්  රට තුළට ඇතුළුවන බුරවි සුළි කුණාටුව අද (02) සවස්වන විට ත්‍රිකුණාමලය,මඩකලපුව සහ පේදුරුතුඩුව යන ප්‍රදේශවලට දැඩිව බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අනතුරු අඟවයි.

මේ හේතුවෙන් දිවයිනේ උතුරුමැද,සබරගමුව හා වයඹ යන පළාත්වලට ද අද සවස්වන විට  දැඩි සුළං සහ මිලි මීටර් 100ක පමණ වර්ෂාපතනක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. 

බස්නාහි පළාතේද ප්‍රදේශ කිහිපයකට මේවනවිට දැඩි සුළං සහ  කඩින් කඩ වර්ෂාව මතුවෙමින් පවතී.  

Related posts

Leave a Comment