Noize News 

දංකොටුවේ මාළු අපනයන කර්මාන්ත ශාලාවක 45කට කොරෝනා

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් මාළු අපනයනය කරන කර්මාන්ත ශාලාවක සේවය කරන සේවකයන් 148 දෙනකුගේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 45 දෙනකු කොරෝනා වෛයිරස ආසාධිතයන් ලෙස 29 දා තහවුරුවී ඇති බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඉකුත් 26 වන දින වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදුකළ පීසීආර් පරීක්ෂණවලින් මෙම කර්මාන්තශාලාවේ එක් සේවකයකු කොරෝනා වෛරස ආසාධිතයකු ලෙස වාර්තාවීමත් සමග සෙසු පිරිසගේ පීසීආර් පරීක්ෂණ මෙසේ සිදුකළ බවත් එම කාර්යාලය කියයි. මෙම සේවකයන් වෙන්නප්පුව, හලාවත, ආරච්චිකට්ටුව, පල්ලම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත් පිරිසක් බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතා පැවසීය. දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කිත්සිරි යාපා මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතාගේ

මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන අසේල හේරත්, රුචිර අමරසිංහ, චානක හර්ෂණ යන මහත්වරුන් විසින් වෛරසය ආසාධනය වී ඇති රෝගීන් රෝහල්ගත කිරීමට සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයන් සොයා ස්වයං නිරෝධායන සඳහා යොමු කිරීමට කටයුතු යොදනු ඇත

Related posts

Leave a Comment