Noize News 

EPF අරමුදල බිලි දෙයි – අලාභය මිලියන විස්ස ඉක්මවයි

සේවක අර්ථසාධක අරමුදලට අයත් මුදල් කොළඹ කොටස් වෙළඳපොලේ සමාගම්වල යෙදවීම නිසා පසුගිය සැප්තැම්බර් 30 වැනි දින වන විට රුපියල් මිලියන 20640 අලාභයක් සිදුවී ඇති බව අනාවරණය වේ. මෙසේ අලාභ ලබමින් තිබෙන අතර ජූනි මස 30 වැනි දිනෙන් පසුව රුපියල් මිලියන 1000ක මුදලක් අලුතින් යොදවා තිබේ. සැප්තැම්බර් 30 වැනි දින දක්වා එසේ යෙදවූ මුළු මුදල රුපියල් මිලියන 10,140කි. කොටස් වෙළඳපොලට සේවක අර්ථසාධක අරමුදලින් යොදවා ඇති මුළු මුදල් රුපියල් මිලියන 84,190ක් වේ. එහෙත් මෙතරම් මුදලක් යොදවා කොටස් වෙළඳපොල යළි ඉහළ වර්ධනයක් අත්කර ගැනීම සඳහා ආණ්ඩුව ක්‍රියා කළද එය මේ දක්වා සාර්ථක වී නැත.…

Read More
Noize News 

හෙට ඉදන් තමන්ගේ දුරකතනයට වට්ස්ඇප් අහිමි වෙනවා දැයි බලන්නේ මෙහෙමයි

වට්ස්ඇප් සේවාව 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ක්‍රියා විරහිත වනු ඇති බවට වාර්තාවෙනවා. පැරණි ඇපල් මෙහෙයුම් පද්ධතින් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඇති දුරකථන තුළ ක්‍රියාත්මක වීමට ඇති තාක්ෂණික පහසුකම් නොමැති වීම නිසා මෙලෙස එම දුරකථන තුළින් වට්ස්ඇප් මැසේජ් සේවාව ඉවත්ව යනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ‘WhatsApp FAQ section’ නම් වට්ස්ඇප් පරිශිලකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේවාව ලබාදී ඇති තොරතුරු අනුව වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වීමට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනවල ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 මෙහෙයුම් පද්ධතිය හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වන අතර, ඇපල් ස්මාර්ට් දුරකථනයන් සඳහා iOS…

Read More
Noize News 

පාර්ලිමේන්තුවේ කොරෝනා අවධානම ඉහළට – කතානායක කාර්යාලය වැසෙයි

කොරෝනා වෛරසය හේතුවෙන් පාර්ලිමේන්තුවේ පිහිටි කතානායක කාර්යාලය මේ වනවිට වසාදමා ඇති බව වාර්තා වේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක කටයුතු භාර උප පොලිස් පරීක්ෂකවරයාට සහ පොලිස් රියදුරෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තුවේ ස්ථාන කිහිපයක ගමන් කිරීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණය තුළ කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇත. උප පොලිස් පරීක්ෂකවරයා පාර්ලිමේන්තු තැපැල් කාර්යාලයට ගොස් ඇති අතර මීට අමතරව ඔහු සෝපානයේ ගමන් කරද්දී විපක්ෂ නායක කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ අංශ කිහිපයක සේවය කරන සේවකයන්ද ඔහු සමග ගමන් කර තිබෙනවා. මේ නිසා ඔහුගේ ආශ්‍රිතයන් ලෙස හඳුනා…

Read More
Noize News 

අබලන් බස් රථ 273ක් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කරයි

අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම අද (31) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය. දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ. ප්‍රවාහන නියාමන, බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවිණ.  බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු…

Read More
Noize News 

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා කරන්න එපා – ජනපති

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා නොකර ව්‍යාපෘති සැලසුම් කිරීමේදී අවතැන්වන්නන්ට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (30දා* අනුරාධපුර කැබිතිගොල්ලෑව ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ කණුගහවැව ගම්මානයේ පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේ සිවුවැනි වැඩසටහනේදීය.   ජනහමුව කණුගහවැව ප‍්‍රාථමික විද්‍යාල භූමියේදී පවත්වනු ලැබීය. තල්ගහවැව, හල්මිල්ලවැටිය, තම්මැන්නෑව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ඇතුළු  ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම්දීම සඳහා රැුස්ව සිටියහ. .

Read More
Noize News 

පැනික් වෙන්න එපා- හොද වුණ ගමන් යවනවා -අපි මේක බලාපොරොත්තු වුණා

යුක්රේන් ජාතිකන්ගේ  සංචාරක පිළිබඳව කලබල විය යුතු නැති බවත් මෙම තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. මීට දින කිහිපයකට පෙර එනම් ඉකුත් 28 වැනි දින මෙරටට පැමිණි යුක්රේන්  සංචාරකයින් අතුරින් තිදෙනකුට කොවිඩ් ආසාදනය වීම හේතුකොටගෙනය සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස ප්‍රකාශ කෙට තිබේ. මේ වනවිට එම සංචාරකයන් 6 දෙනා සමග කිට්ටුවෙන් ඇසුරු කළ පුද්ගලයින්ව ද හඳුනාගෙන ඇති බවද පෙන්වා දෙයි. කොවිඩ් ආසාදනය වූ සංචාරකයින් සූව වීමෙන් පසු නැවතත් සිය මව් රට බලා පිටත් කරලා යවන බවත් අන් සංචාරකයින් පිරිස දැඩි සෞඛ්‍ය නීතිරීති මත ඔවුන්ගේ සංචාරයේ නියැලෙන බව ද…

Read More
Noize News 

අලි සබ්‍රිව ධූරයෙන් නෙරපා වහා අත්අඩංගුවට ගන්න

භූමදානය කිරීමට නොදුනහොත් මුස්ලිම් තරුණයන් ආයුධ අතට ගනු ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කර ඇති බවත් එම ප්‍රකාශය ඉතා බරපතල එකක් නිසාඔහුව එම ධුරයෙන් නෙරපා වහා අත් අඩංගුවට ගතයුතු යැයි පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ කියා සිටිති. උන්වහන්සේ මෙම අදහස පළ කරන ලද්දේ ‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතිමිනි.

Read More
Noize Gossip 

ගැබිණි අනුෂ්කා විලාසිතා සඟරාවක (PHOTOS)

සුප්‍රකට ඉන්දීය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා මේ වනවිට ගැබිණියක බව මුලු ලෝකයම දන්නවා. ඉතිං ලෝකයම පිළි ගත්ත ලෝකප්‍රකට සඟරාවක පසුගිය නිවල ඇගේ ඡායාරූප පෙළක් පළ වී තිබුණා. ඒ 2021 ජනවාරි මාසය සඳහා නිකුත් කර ඇති vogue ඉන්දියා විලාසිතා සඟරාවේ පිටකවරය හා තේමා ඡායාරූප එකතුව හැඩ කරනනට එක් වෙමින්. ඇය ගැබිනියකව සිටියදී මෙලෙස ඡායාරූප වලට පෙනී සිටීම විශේෂත්වයක්.ඡායාරූප පහතින්…

Read More
Noize News 

පිස්තෝලය කරකවමින් මහ පාරේ යකා නටන යක්කලමුල්ල OICගේ චිත්‍රපටි පිස්සුව!

ශ්‍රී ලංකාවේ පොලීසිය සැමදා ජනතා අප්‍රසාදයට පත්ව තිබෙන්නේ පොලිස් නිලධාරීන්ගේ පිස්සු වැඩ නිසාය. එයට තවත් කදිම උදාහරණයක් සපයමින් ගාල්ල යක්කලමුල්ල පොලිසියේ OIC හැසිරෙන අකාරය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී තිබේ. දෙමළ චිත්‍රපටවල පොලිස් චරිත රඟදක්වන නළු බට්ටන්ගේ ජවනිකා මහ පාරේ සාමන්‍ය මිනිසුන් වෙත පෙනමින් පිස්තෝල කරකවමින් පොලිස් ජීප් රියට හේත්තුවී හන්දි ගානේ සිටින මෙම OIC වරයා තම ජීප් රියෙන් වාහන පසුපස යමින් පාර හරස් කරමින් සෙල්ලම් දාන්නේ ජනතා ජීවිත අනතුරේ දමමිනි. ඒ පිළිබඳව යක්කලමුල්ලේ මිනිසුන්ගෙන් ඇසුවහොත් හොඳින්ම දැනගන්නට හැකිය. පොලිස්පතිතුමනි, දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමනි, මහජන සාමය භාර…

Read More
Noize News 

වෛරස ප්‍රභේද 12 ක් තිබෙනවා – ඉදිරියේදී තවත් දරුණු වසංගත ලොව පැතිරේවි – WHO අනතුරු අඟවයි

අනාගතයේ මානව වර්ගයාට ‘කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය, වඩා බිහිසුණු මාරක වයිරස බොහොමයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙය එක් පූර්ව අනතුරු ඇගවීමක් පමණක් බවත්, ලෝක සෞඛ්‍ය සධාතය අනතුරු අගවයි.  කොව්ඩ් වසංගය සම්බන්ධයෙන් පැවැත්විණි. කොවිඩ් 19′ වයිරස වසංගතයට වසරක් පිරීම නිමිත්තනේ පෙරේදා (28) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබේ. ‘කොවිච් 19’ වයිරසයන් පාඩම් ඉගෙන ගනිමින්, ඉදිරියේ දී මානව වර්ගයා විනාශ කිරීමට හිස ඔසවන ඕනෑම ආකාරයේ වයිරසයකට මුහුණ දීම සඳහා ලෝකය එකමුතු වී, අවශ්‍ය ක්‍රියා මාර්ග දැන්ම සැලැසුම් කළ යුතු…

Read More