Noize News 

SSPගේ දුවගේ රිය අනතුරේ වන්දි ගෙවීම මගහරී – අලාභය ලක්ෂ 600ක්

පසුගිය නොවැම්බර් 15 වන දා කොළඹ 07 ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයකට කඩා වැදීමෙන් සිදුවූ හානිය පියවීම සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ .

නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ 19 හැවිරිදි දියණිය බලපත්‍රයක් නොමැතිව මෙම සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර තිබූ අතර එය මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට කඩා වැදීමෙන් විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ සුඛෝපභෝගී මෝටර් රථයකට දැඩි හානි සිදුවිය .

සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබූ ආකාරයට මෝටර් රථ ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසා ඇත්තේ ප්‍රදර්ශනාගාරයට හා සුඛෝපභෝගී මෝටර් රථයට සිදුවී ඇති හානිය මිලියන 60 ක් පමණ වන බවයි.

ප්‍රදර්ශනාගාරයේ හිමිකරුවන් පවසන්නේ අනතුරට සම්බන්ධ පාර්ශවයන් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එස්එස්පීගේ දියණිය අනතුරින් පසු අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත පැය කිහිපයකට පසුව නිදහස් විය . පසුව ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලදී .

මෝටර් රථ ප්‍රදර්ශනාගාරය ට කඩාවැදුණු මෙම සුඛෝපභෝගී මෝටර් රථයට කුලී මෝටර් රථ සමාගමකට අයත් වූවකි .

අදාල සමාගම නියෝජනය කරන නීතිඥවරයා පවසා ඇත්තේ හානියට පත් මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට එහි වාහනය හිමිකරු විසින් ධාවනය නොකිරීම සහ වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් පදවා ඇති බැවින් සමාගමට ගෙවිය නොහැකි බවයි.

Related posts

Leave a Comment