වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ටිපර් රථයට යට කර මරා දමයි
නිකවැරටිය පොලිස් පොලිස් බල ප්රදේශයේ කොබෙයිගනේ ප්රදේශයේදී වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ටිපර් රථයට යට කර මරණයට පත් කර තිබේ.
දැදුරු ඔය ආශ්රිතව සිදු කරණ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ටිපර් රථයකට යට කරන ලද මෙම පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කළ ද ඉන් පසු මියගොස් තිබේ.
වැටලීමට සම්බන්ධ වූ සෙසුස පොලිස් නිලධාරීන්ටද තුවාල සිදුව ඇත.
අදාළ රියැදුරාට එරෙහිව දැනටමත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම පවතින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකය.