Noize News 

”සනීපාරක්ෂක තුවා සඳහා කිසිදු අතිරේක බද්දදක් ගහලා නැහැ” – බන්දුල ගුණවර්ධන

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා කිසිදු අතිරේක බදු පැනවීමක් රජය සිදු කර නොමැති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය
 
 සනීපාරක්ෂක තුවා ආනයනය කිරීමේදී මෙතෙක් පනවා තිබූ සියයට තිහක ආනයන බද්ද සියයට 15 දක්වා අඩු කර ඉතිරි සියයට 15 සෙස් බද්දක් ලෙස පැනවීම පමණක් සිදු කර ඇති බවත් ඇමැතිවරයා කීය.
 
 මෙම කරුණු විකෘති කර විපක්ෂය විසින් රජය කාන්තා සනීපාරක්ෂක තුවා බද්ද වැඩි කරනු ලැබ ඇති බවට සමාජයේ දුර්මතයක් ගොඩනැඟීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
 
 පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටතත් විපක්ෂය ගෙන යන මෙම ප‍්‍රචාරයේ සත්‍යයක් නොමැති බව අමාත්‍යාංශ නිවේදන යටතේ කරුණු දක්වමින් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

Related posts

Leave a Comment