Noize News 

දිවයිනට බලපාන තවත් සුළි කුණාටුවක් වර්ධනය වෙයි

දිවයිනට බලපාන තවත් සුළි කුණාටුවක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

ඉදිරි පැය 24 තුළ බෙංගාල මුහුදු බොක්කෙහි ගිනිකොන දෙසින් අඩු පීඩන ප්‍රදේශයක් වර්ධනය කිරීමේ හැකියාවක් පවතින අතර ඉදිරි දින කිහිපය තුළ එය දිවයිනේ කාලගුණයට බලපානු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි

හෙට ප.ව. 2.00 ට පසුව හූව , මධ්‍යම, බටහිර සහ සබරගමුව පළාත්වල සහ ගාලේ සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම සති අන්තයේ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩනයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන අතර ලබන සතියේ ශ්‍රී ලංකාවට සහ දකුණු ඉන්දියාවට ළඟා වීමට පෙර සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව අනාවරණය වෙයි .

Related posts

Leave a Comment