”අම්මේ මම අම්මාට වෙඩි තියනවා”කියා තැබූ කුඩා දරුවකුගේ වායු රයිෆල වෙඩිල්ලෙන් මව බරපතල තුවාල ලබා රෝහලේ
සිය කුඩා පුතු විසින් සිය මවට වායු තුවක්කුවකින් වෙඩිල්ලක් තැබීම නිසා බරපතළ තුවාල ලැබූ මවක් කරාපිටිය රෝහල වෙත පෙරේදා (26 ) දා රාත්‍රි යොමුකර ඇත.
සෙල්ලකතරගම තරුණයකුගේ විවාහ උත්සවය එදින රාත්‍රි පැවති අතර මෙම මංගල්‍යයට මොණරාගල සිට පැමිණි පිරිසක් සමග මනාලියගේ ඥාති පිරිසකට අයත් වයස අවුරුදු 07 ක් වන කුඩා පිරිමි දරුවකු සිට ඇත. මෙම දරුවා වඳුරන් පළවා හැරීම පිණිස මඟුල් ගෙදර කාමරයක් තුළ තිබූ මෙම වායු තුවක්කුව නෙත ගැටී තිබේ.
තුවක්කුව දුටු කුඩා දරුවා එය රැගෙන විත් සිය මවට එල්ල කර, ‘‘අම්මේ මම අම්මාට වෙඩි තියනවා’’ කියා එහි කොකා ගස්සවා ඇත.
එය තුළ තිබූ උණ්ඩය පිටවී සිය මවගේ ඇස වෙත වැදීම නිසා අධික ලෙස ලේ ගැලීමකට ලක්වී ඇති අතර ඇය කතරගම දිසා රෝහල වෙතත්, පසුව හම්බන්තොට මහ රෝහල වෙතත් යොමු කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර කිරීම පිණිස කරාපිටිය රෝහල වෙත යොමුකර ඇත.