”මට පොහොට්ටුවෙන් හරියට කැපිල්ල – 20 ට ඡන්දේ දුන්නේ කැමැත්තෙන් නෙමෙයි” – ගීතා කුමාරසිංහ
ඇමති ධූරයක් නොදී තමන්ව කපා දැමුවේ නෙළුම් මාවත කාර්යාලයෙන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තමන්ට ලොකු කැපිල්ලක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ කතා කිරීමවත් කාලය ලබා නොදෙන බවත් ඒ හේතුවෙන් තමන් මානසික ආතතියට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තමන් ඡන්දය දුන්නේ හිතට එකඟ නොවන බවද ඇය සඳහන් කරයි.
ඇය මෙම අදහස් පළ කළේ සමාජ මාධ්‍ය නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.