Noize News 

පූජිත පාස්කු කොමිසමට දුන් රහසිගත ප්‍රකාශය

පාස්කු ප්‍රහාරය පිළිබද සොයන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීම අවසානයේදී පූජිත් ජයසුන්දර මහතා යම් විශේෂ කරුණක් අනාවරණය කිරීමට අවසර ඉල්ලා ඇත.

මෙය තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන සිදුවූ කුමන්ත්‍රණයක් සහ වැඩපිළිවෙළක් බවත්,තමන් දන්න සහ පසුව සොයාගත් මෙතෙක් හෙළිනොකළ කරුණු ඇති බව හිටපු පොලිස්පතිවරයා සඳහන් කිරීමත් සමග කොමිසම් සභාවෙන් මාධ්‍යවේදින් ඉවත් කෙරුණි.

ඊයේ රාත්‍රී 9.40ට පමණ එලෙස මාධ්‍යවේදින් ඉවත් කෙරුණු අතර ඉන් අනතුරුව මාධ්‍ය නොමැතිව විනාඩි 40 ක පමණ කාලයක් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රහසිගත ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment