Noize News 

කොරෝනා දේහයන් අනිවාර්යෙන්ම ආදාහනය කළ යුතු බව දන්නවා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලූ රිෂාඩ්ගේ පෙත්සම් විභාගය කල් යයි


කොරෝනා රෝගය වැළඳී මිය යන පුද්ගලයන් අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් පසුගිය අපේ‍්‍රල් 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 30 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26 දා* තීරණය කළේය.
 
 බුවනෙක අලූවිහාරේ, සිසිර ද ආබෲ සහ ගාමිණී අමරසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම් කැඳවිණි.
 
 එම පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් වීමට අවසර ඉල්ලා ගොනුකර ඇති අතරමැදි පාර්ශ්වකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

Related posts

Leave a Comment