Noize News 

පොහොර සහනාධාරය හිමි සෑම ගොවියකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මිල දී ගන්නවා – මහින්දානන්ද අළුත්ගමගේ

පොහොර සහනාධාරය ලබා දෙන සෑම ගොවියකුගෙන්ම ලබන කන්නයේ සිට රුපියල් 50 ක සහතික මිලකට හෙක්ටයාර් එකකින් කිලෝ 1000 බැගින් වී මිලදි ගැනීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසයි.

වී ගබඩා කිරීමේ කටයුතු කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීම සඳහා ගබඩා සංකිර්ණ අලුත්වැඩියා කිරීමට වී අළෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 100 ප්‍රතිපාදන වෙන් කර ඇති බවද ඇමතිවරයා පැවසීය.

වී සදහා ඒකාධිකාරය නැති කිරීම සහ වී මිල පාලන මිලක් යටතේ පවත්වාගෙන යාමට හැකිවන පරිදි මෙම පියවර ගනු ලබන බවද ‍ෙහතෙම සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 24 වන දින දින කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශිය උපදේශක කාරක සභාවේදිය.

Related posts

Leave a Comment