බස් එකේ ගිහිං කොරෝනා හැදුණොත් ලංගමෙන් වන්දියක්
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අය කරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරන බව එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක පවසයි.
යම් හෙයකින් ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර තිබේ.