Noize News 

හිටපු ඇමති පුතා අත්අඩංගුවට

කොළඹ 7 කුරුඳුවත්ත දිසාවිනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයකු ගේ පුත්‍රයකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසයි.

විනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා පෙරදා (20) වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමග කොස්තාපල්වරයා බැණ වැදී තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා විනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකට අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

Leave a Comment