Noize Gossip 

“තාත්තා අපිව දාලා ගියා – ඔන්ලයින් පන්ති නැති උනත් පුංචි ඉස්කෝලෙන් මං පාස් වුණා” – ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් ගත් පුංචි දියණියගේ සංවේදී ඉල්ලීම

ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 175ක් අරගෙන ශිෂ්‍යත්ව විභාගය පාස් වුණු වෙනිවැල්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන දියණියක් සමාජ මාධ්‍යයට ඉතාමත් සංවේදී කතාවක් කියලා තිබුණා .

ඇයගේ ආසාව තමයි හොරණ තක්ෂිලා විද්‍යාලයට ඇතුළත් වීම.නමුත් ඒ හීනය බොඳ වෙන්න යන බව තමයි ඇය කියන්නේ

“ජනාධිපති මාමෙ මම 175 ලකුනු අරගෙනත් මම ආස පාසලට යන්න විදියක් නැති ලු.ඉස්කොලේ නැති ව මාස ගානක් මම ඉගෙන ගත්තෙ තනියම.වෙනිවැල් පිටිය ක.වි.ලෙ. මගෙ තාත්තා අපිව දාල ගිහිල්ලා.මගෙ අම්ම හොරන ඉස්පිරිතාලෙ උපස්තායිකාවක්.මට උගන්වන්න මගෙ අම්ම ත් මම ලග නැති උනත් ශිෂ්‍යත්ව විභාග ය සමත් වෙන්න මට පුළුවන් උනා.කොරොනා නිසා ඉස්පිරිතාලෙ ඉදලා ආවා ම අම්ම මම ලගට අවෙ නැති උනත් මට පාඩම් කියාදෙන්න නොහැකි උනත් ඔන්ලයින් පන්ති නැති උනත් පුංචි ඉස්කොලේ න් මම පාස් උනා. ජනාධිපති මමෙ මම හොරන තක්ශිලා විදුහල ට ය න්න හීන මෙඅව්වා.අනෙ මමෙ මාව හොරන තක්ශිලා විදුහල ට දාල දෙන්න මාමට පින් බුදු සරනයි.මාව දාල දෙන වා නෙද මාමෙ මගෙ විභාග අන්කය 5853265”

Related posts

Leave a Comment