ඊයේ කොරෝනා මරණ 9න් මරණ 05ක් ඊයේ සිදුවූ ඒවා නොවේ – හමුදාපති ශවේන්ද්‍ර සිල්වා
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ වාර්තා කරන ලද කොරෝනා මරණ 9න් කොරෝනා මරණ 05ක් ඊයේ සිදුවූ ඒවා නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඊයේ දිනයේ සිදුව ඇත්තේ කොරෝනා මරණ 04ක් පමණක් බවත් අනෙක් 05 ඊට පෙර දින දෙකක දී වාර්තා වූ ඒවා බවත් ඔහු සඳහන් කරයි.
ඒ සියල්ලේම එකතුව ලෙස ඊයේ දිනයේ මරණ 09ක් ලෙස වාර්තා කර ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවක් නිකුත් වීමේ ප්‍රමාදය මත වාර්තාවන් ඊයේ දිනයේ මරණ සඳහා එම සියල්ල එකතු වී ඇති බවත් හෙතෙම පවසයි.
අද පෙරවරුවේ රූපවාහිනි නාලිකාවක හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.