”කොරෝනා එන්නත ජනතාවට නොමිලේ ලබා දෙන තුරු අපි සටන් කරනවා” – සජිත් ප්‍රේමදාස

කොරෝනා එන්නත ජනතාවට නොමිලේ ලබා දෙන තුරු සමගි ජන බලවේගය ජනතාවාදී අරගල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

දැනට සාර්ථකත්වය ලබා ඇති එන්නත් ලොව අනෙක් රටවල් විසින් වෙන්කර ඉල්ලුම් කර අවසන් බවත් ශ්‍රී ලංකාව තවත් එවන් ක්‍රියාවලියකට සූදානමක් වත් නැති බවත් ඔහු සඳහන් කරයි.

කැනඩාව වැනි රටවල එම එන්නත් අතිරික්තයක්ද ඇති බවත් එවන් රටවල් වලින් හෝ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට ගිවිසුම් ගත විය යුතු බවද ඔහු පවසයි.

අද ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිලිවෙල ඩොලර් ගරන වැඩපිළිවෙළක් බවට පත් ව ඇති බවත් මුව ආවරණයෙන්, නිරෝධායනයෙන්, ගුවන් ටිකට්පත්, පරීක්ෂණ කට්ටලවලින් කොමිස් කාක්කන් කොමිස් ගසමින් සිටින බවද කියා හෙතෙම සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *