Noize News 

බන්ධනාගාරයේ ඉන්න බෑ කියා බදියුදීන් ඇප ඉල්ලයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර එම වාට්ටුව පිරිසිදු කරන රැදවියන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ .

මේ බව අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවි ඇත. ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.

මේ තත්ත්වය මත තමන්ට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති බව පවසා මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇති අතර ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.

Related posts

Leave a Comment