Noize News 

”ජනාධිපති ෆේල් වුණොත් රටත් ෆේල් – කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට පූර්ණ සහය දෙන්න කැමතියි” – හරීන්

කොරෝනා මර්ධන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කළහොත් ඊට පූර්ණ සහාය ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

එමෙන්ම ජනාධිපතිවරයා ෆේල් වුවහොත් රටක් ලෙස ද ෆේල් වන බව හෙතෙම සඳහන් කළ අතර වරප්‍රසාද හෝ තනතුරු වලින් තොරව නිවැරදි යෝජනා සඳහා සහාය ලබාදීමට පක්ෂය සූදානම් බව හෙතෙම පවසයි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ඕනෑම හොඳ යෝජනාවලියකට සහාය දීමට සූදානම් නමුත් ඩීල් වලට සහභාගි නොවන බව ද ඔහු පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

Leave a Comment